අයවැය හිඟය 64% කින් අඩුවෙයි
2024-07-30 19:35:24
Share with:
මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය, පසුගිය වසරට සාපේක්ෂව 63.8% කින් පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2023 වසරේ මැයි 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අයවැය පරතරයක් පැවති බවත්, මෙම වසරේ එය රුපියල් බිලියන 366 ක් ලෙස වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා කියාසිටී.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රේගු දෙපාර්තමේන්තුව සංවිධාන කළ උත්සවයකට එක්වෙමිනි.
රට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය සාක්ෂාත් කිරීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පැවසීය.