චීන-ඇමරිකා වෙළඳ සහ‍යෝගිතා තර වෙයි
2024-07-30 20:05:10
Share with:

වෙළඳ ප්‍රවර්ධන සංගමය විසින් සංවිධාන කෙරුණු එය, ඇමරිකාවේ New York නුවර දී ඊයේ (29) පැවැත්විණ. දෙරට ව්‍යවසායන් හා ව්‍යවසාය සංගම් නියෝජිතයෝ 300 කට වැඩි පිරිසක් ඊට සහභාගි වූහ.

චීන වෙළඳ ප්‍රවර්ධන සංගමයේ සභාපති Ren Hongbin මහතා එහිදී ප්‍රකාශ කළේ, වර්තමානයේ දෙරට ආර්ථිකයන්හි ඉහළ අන්‍යෝන්‍ය අනුපූරකතාවක් පවතින අතර, අවශ්‍යතා ද ඒකාබද්ධ වන බවයි. සැපයුම් දාමයේ ද්විපාර්ශ්වික සහයෝගිතා ශක්තිමත් කිරීම, සමස්ත ගෝලීය සැපයුම් දායමේ ස්ථාවරත්වය සහතික කිරීමට ද ඉවහල් වනු ඇත. එමගින් ලෝක ආර්ථීක සංවර්ධනයට ද මනා ශක්තියක් තිළිණ කෙරෙනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. 

ජාත්‍යන්තර අවබෝධතා වාණිජ කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල්  Peter Tichanksky මහතා එහිදී ප්‍රකාශ කළේ, නවෝත්පාදනය, බලශක්ති සම්පත් ව්‍යුහය වෙනස් කිරීම, කෘත්‍රිම බුද්ධිය, චිප් වෙළඳාම යන ක්ෂේත්‍රවල චීන - ඇමරිකානු සහයෝගිතා සඳහා පුළුල් අවස්ථා පවතින බවයි.චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය සමඟ එක්ව තවදුරටත් සහයෝගිතා තහවුරු කරමින්, සුරක්ෂිත හා සමෘද්ධිමත් ලෝකයක් එක්සත්ව ගොඩනැගීමට සූදානමින් සිටින බවද Peter Tichanksky මහතා කියාසිටියේය.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම