චීනය අවස්ථානුකූලව ප්‍රතිසංස්කරණ සිදු කරන රටක්
2024-07-30 14:49:43
Share with:

චීනය අවස්ථානුකූලව ප්‍රතිසංස්කරණ තුළින් ඉදිරියට ගමන් කරන රටක් බව චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩල සභාපති බංඩාර දිසානායක මහතා පවසයි. නව චීනය පිහිටුවීමේ සිට කාලානුරූපව චීනය සිය ගමන් මග සකස් කර ගෙන තිබේ. වර්තමානයේ දී නවීන සමාජවාදී රටක ඉලක්කය වෙත යමින් සිටින චීනය ඊට අදාළ පියවරයන් ගනිමින් සිටින ආකාරය මෑතකදී නිමාව දුටු චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය තුළින් දක්න‍ට ලැබුණු බව හෙතෙම කියා සිටී. වගකීම් සහගත රටක් ලෙසට චීනය සිය අභ්‍යන්තර තත්ත්වය පමණක් නොව ගෝලීය තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින් ක්‍රියා කරමින් සිටී. ලෝක ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන චීනයේ මෙවැනි ප්‍රතිසංස්කරණ තුළින් ලෝකයට වඩාත් වැඩි අවස්ථා බිහිවනු ඇත. ජගත් ප්‍රජාව තුළ චීනයේ අනාගතය සම්බන්ධයෙන් ‍ධනාත්මක අභිලාෂයක් පැවතීමට ද එය බලපා තිබේ. චීන මාදිලියෙන් යුතු නවීකරණ, ලොවට හිතකර මෙන්ම සාමකාමී සංවර්ධන ක්‍රමවේදය‍ක් ලෙසට පෙන්වා දිය හැකි යැයි ද බංඩාර දිසානායක මහතා සඳහන් කරයි. ආර්ථික පද්ධතියේ ප්‍රතිසංස්කරණ මගින් මඟ පෙන්වනු ලබන, සියලු ක්ෂේත්‍රවල සහ අංශවල ප්‍රතිසංස්කරණ වෙනුවෙන් චීනය අවධානය යොමු කරන බව පැහැදිලිය. ඉන් දැවැන්ත ආර්ථිකයක් වන චීන ආර්ථිකයේ නව ප්‍රබෝදයක් මතුවනු ඇතැයි ද චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩල සභාපතිවරයා පෙන්වා දෙයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්ෂයට මෙවැනි ප්‍රතිසංස්කරණයන් සාර්ථක ඉදිරියට ගෙන යාමේ ශක්තිය ඇති බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම කියා සිටී. ජනතාව පෙරටු කරගත් එම පියවරයන් චීනයට පමණක් නොව සමස්ත ලෝකයටම නව අවස්ථා ගෙන දෙන්නක් වනු ඇතැයි ද බංඩාර දිසානායක මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම