රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ මෙම වසරේ දෙවැනි භාගයේ ආර්ථික සැලසුම් පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සෙසු පක්ෂ සමග සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණය බෙයිජිං හි දී පැවැත්වේ. එය පසුගිය 26 වැනිදා පැවැත්විණ.
චීන අග්‍රාමාත්‍ය Li Qiang ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටු සාමාජිකයන් වන Wang Huning, Cai Qi සහ Ding Xuexiang යන මහත්වරු ඊට එක්වූහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන්, Li Qiang මහතා එහිදී වසරේ මුල් භාගයේ ආර්ථික කටයුතුවල ක්‍රියාකාරීත්වය පිළිබඳව හඳුන්වා දුන්නේ ය. වසරේ දෙවැනි භාගයේ කාර්යභාරය හා ඉදිරි සැලසුම් ද එහිදී විග්රහ කෙරිණ.
විවිධ ප්රජාතන්ත්රවාදී පක්ෂවල නියෝජිතයන්, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලනයේ සාමාජිකයන් සහ පක්ෂවලට පරිබාහිර පුද්ගලයන්, මෙම සම්මන්ත්‍රණයට එක් වූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරිපත් කළ ආර්ථික සැලසුම් සහ යෝජනාවන්ට ඔවුහු සම්පූර්ණයෙන්ම එකඟ වූහ. එසේම විවිධ සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් ඔවුන් තම අදහස් සහ යෝජනා ද ඉදිරිපත් කළහ.
සියලු දේශනවලට සවන් දුන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේ වසරේ මුල් භාගයේදී, ප්රජාතන්ත්රවාදී පක්ෂවල සහ ඉන පරිබාහිර පුද්ගලයන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රටේ කේන්ද්‍රීය කාර්යයන්හිදී වඩාත් සමීපව කටයුතු කළ බවයි. මෙය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විද්‍යාත්මක තීරණ ගැනීම සඳහා වැදගත් සහායක් සපයා ඇති බව ද හෙතෙම පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ෂී ජින් පිං මහතා අදාළ සියලු දෙනාටම හෘදයංගම ස්තුතිය පළ කළේ ය. එසේම, රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ පුළුල් පර්යේෂණ සඳහා මෙම පිරිස අඛණ්ඩව දායක වනු ඇති බවට ෂී ජින් පිං මහතා සිය විශ්වාසය පළකරයි.