කොළඹ වරාය ලොව හොඳම වර්ධක වරාය ලෙස නම්කෙරේ
2024-07-30 19:36:37
Share with:

2024 වසරේ පළමු කාර්තුවේ ලොව හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම්කෙරේ. එය 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් සමග මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේ ලොව හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබේ. එම කාලය තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ලාභයක් ද උපයා ඇත. එසේම,  2023 වසරේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ලාභයක් වාර්තා කළ බව ද රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී කරුණු විග්‍රහ කළේය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම