චීන කොමියුනිස්ට් පක්ෂය රටේ වත්මන් ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරයි
2024-07-30 17:27:26
Share with:

රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා වැඩකටයුතු විශ්ලේෂණය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය රැස්වීමක් පවත්වයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ‍ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම බෙයිජිං හිදී අද (30) පැවැත්විණ. වත්මන් ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරමින් ඉදිරි කාර්තු දෙකේ ආර්ථික සැලසුම් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ.

වසර ආරම්භයේ සිට මේ දක්වා රටේ ආර්ථීක පැවැත්ම සමස්ත වශයෙන් ස්ථාවර වී ඇති අතර, එය අඛණ්ඩව ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාව ප්‍රශස්ත මට්ටමක පවතී. ඉදිරි කාර්තු දෙක තුළ ප්‍රතිසංස්කරණය, සංවර්ධනය හා යථා තත්ත්වයට පත්කිරීම යනු අතිශය භාරදූර වගකීමක් බව ද එම රැස්වීමේදී ප්‍රකාශ කෙරිණ. එසේම, එම කාර්යයේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ දී මෙන්ම 20 වැනි මධ්‍යම කාරක සභාවේ දෙවැනි හා තුන්වැනි පූර්ණ සැසිවල දී ඉදිරිපත් කෙරුණු චින්තනයන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතුය. ස්ථාවර සංවර්ධනය පිළිබඳ කේන්ද්‍රීය කාර්යභාරය හා නව සංවර්ධනයේ චින්තනය නිසි උපදෙස් මත ක්‍රියාවට නංවා, නව සංවර්ධන ව්‍යුහය ගොඩනැගීම කඩිනම් කිරීම ද ප්‍රමුඛ වැඩපිළිවෙළකි.  එසේම, විවිධ ප්‍රදේශවලට ගැලපෙන අයුරින් නව ගුණාත්මක ඵලදායිතාව ප්‍රවර්ධනය කර උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කළ යුතුය.  

පරිභෝජනය ඉහළ නංවා ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් දේශීය අවශ්‍යතාව ව්‍යාප්ත කිරීම ද අත්‍යවශ්‍ය වේ. ජන ජීවිතය යහපත් කර, පරිභෝජන දිරිගැන්වීම සඳහා ආර්ථීක ප්‍රතිපත්ති සැකසිය යුතු වේ. බහුවිධ මාර්ගවලින් ජනතාවගේ ආදායම් ඉහළ නංවා ගත යුතු බව ද මෙම රැස්වීමේ දී අවධාරණය කෙරිණ. 

මීට අමතරව, ඉහළ මට්ටමේ විවෘතභාවය සහතික කර, ජාත්‍යන්තරකරණයේ උසස් මට්ටමේ ව්‍යපාරික පරිසරයක් නිර්මාණය කළ යුතුය. ග්‍රාමීය ප්‍රදේශවල අංගසම්පූර්ණ පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාවට නංවා, දිළිඳුකම තුරන් කිරීමේ ජයග්‍රහණ ව්‍යාප්ත කෙරෙන බව ද එහිදී  ප්‍රකාශ කෙරිණ.

ආකෘතිවාදයෙන් බිම් මට්ටම් නිදහස් කිරීම පිළිබඳවද එම රැස්වීමේදී සාකච්ඡා කෙරිණ. බිම් මට්ටමේ පවතින ආකෘතිමය බාධා මගහරවා, නිලධාරිවාදයෙන් තොරව චීන කොමියුනිස්ට් පක්ෂය සිය සාමාජිකයන් මෙන්ම නිලධාරීන් නිවැරදි ජයග්‍රහණ කරා යොමුකරවීමේ අවශ්‍යතාව ද  මෙම රැස්වීමේ දී පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම