චීන අගමැති සහ ඉතාලි අගමැතිනිය අතර සාකච්ඡා
2024-07-29 09:47:16
Share with:

චීනය සහ ඉතාලිය අතර ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ප්‍රතිඥා දෙමින් චීන අගමැති Li Qiang මහතා සහ ඉතාලි අගමැතිනි Giorgia Meloni මහත්මිය අතර සාකච්ඡාවක්  ඊයේ(28) බෙයිජිං හි දී පැවැත්විණ.

චීන-ඉතාලි විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ 20 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරන බව සඳහන් කළ Li Qiang මහතා, දෙරටේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමටත්, දෙරට අතර මිත්‍රත්වයේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමටත් චීනය සූදානම් බව පැවසීය.

ද්විපාර්ශ්වික වෙළඳාම අඛණ්ඩව පුළුල් කිරීම, ඔවුන්ගේ වෙළඳාම සහ නැව් තැනීම, අභ්‍යවකාශය, නව බලශක්තිය සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍රවල මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ශක්තිමත් කිරීමට දායක වන ලෙස Li Qiang මහතා ඉල්ලා සිටියේය.

චීනය ඉතාලියේ ආයෝජනය කරන චීන සමාගම්වලට සහය දෙන බවත්, චීන සමාගම් සඳහා සාධාරණ, ආරක්ෂිත සහ වෙනස් කොට සැලකීම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් ඉතාලිය විසින් සපයනු ඇති බවත් චීන පුරවැසියන්ට ඉතාලි සංචාර සඳහා වැඩි පහසුවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

ආරක්ෂණවාදයට තරඟකාරිත්වය ආරක්ෂා කළ නොහැකි අතර, විවෘතභාවය සහ සහයෝගීතාවයෙන් පමණක් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල ගෙන දිය හැකිය. චීන-යුරෝපා සංගම් සබඳතාවල ස්ථාවර හා යහපත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සංවාදයට සහ සහයෝගීතාවයට චීනය කැපවී සිටින අතර ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද Li Qiang මහතා වැඩිදුරටත් පැවසීය.

Giorgia Meloni මහත්මිය පැවසුවේ ඉතාලිය චීනය සමඟ දිගුකාලීන, ස්ථාවර සහ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමට කැපවී සිටින අතර ආර්ථිකය, වෙළඳාම, ආයෝජන, කර්මාන්ත, විද්‍යාව සහ තාක්ෂණය, සංස්කෘතිය සහ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමට කැමැත්තෙන් සිටින බවයි.

මිත්‍රත්වයේ පාලමක් ගොඩනඟා ගැනීමට, සහයෝගීතාවයේ නව මාර්ග ගවේෂණය කිරීමට, සහයෝගීතා විභවයන් මුදා හැරීමට, සමීප සහයෝගී සබඳතාවක් ගොඩනඟා ගැනීමට සහ දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඉතාලිය කැමැත්තෙන් සිටින බව ඇය පැවසුවාය.

යුරෝපා සංගමය සහ චීනය අතර අවංක සංවාදයේ ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට සහ වඩාත් ස්ථාවර සහයෝගී සබඳතාවයක් පෝෂණය කිරීමට ඉතාලිය සූදානම් බව ද Giorgia Meloni මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම