මැඩ්රිඩ් නගරාධිපතිවරයා සහ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර හමුවක්
2024-07-29 20:15:22
Share with:

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර නගරාධිපති Martínez-Almeida මහතා, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා හමුවෙයි. එම හමුව මැඩ්රිඩ් නගර ශාලාවේදී අද (29) පැවැත්විණ.

චීනය සහ ස්පාඤ්ඤය අතර සවිමත්, සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව Shen Haixiong මහතා එහිදී පැවසීය. ලෝක ප්‍රකට සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් වන මැඩ්රිඩ් නගරය චීනය සහ බටහිර රටවල් අතර හුවමාරු සඳහා වැදගත් කවුළුවකි. එම නගරය සමඟ සබඳතා තර කොට, සිනමා, රූපවාහිනී, පාපන්දු, හා සංචාරක යන ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමටත්, චීන-ස්පාඤ්ඤ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයේ සංවර්ධනය තහවුරු කිරීමටත් චීන මාධ්‍ය සමූහය බලාපොරොත්තු වන බව Shen Haixiong මහතා  පැවසීය.

දෙරට නායකයන්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ, මැඩ්රිඩ් සහ බෙයිජිං වැනි ප්‍රධාන නගර අතර සහයෝගිතා සහ හුවමාරු වඩාත් පුළුල් වී ඇති බව, Martínez-Almeida මහතා එහිදී පෙන්වා දුන්නේය. 2030 වසරේ මැඩ්රිඩ් නගරය ලෝක පාපන්දු කුසලානයේ සත්කාරකත්වය දරනු ඇත. මෙම තරගාවලියේ සජීව විකාශය සඳහා චීන මාධ්‍ය සමූහයේ සහභාගිත්වය තමා දැඩි ලෙස අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

Martínez-Almeida නගරාධිපතිවරයා ලබන වසරේ චීනයට පැමිණීමට ද නියමිතව තිබේ. සංචාරක, ක්‍රීඩා සහ අනෙකුත් ක්ෂේත්‍රවලට අදාළව චීන මාධ්‍ය සමූහය සමඟ පුළුල් සහයෝගිතා මැනැවින් ක්‍රියාවට නැංවීම තම අභිප්‍රාය බව ද ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම