වාර්තාගත ආයෝජන වටිනාකමක් සමග 8 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
2024-07-29 10:03:31
Share with:

8 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ආයෝජන හා සහයෝගිතා වටිනාකම චීන යුආන් බිලියන 10 ඉක්මවා තිබේ. දින හයක් පුරා පැවති 8 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (28) චීනයේ යුන්නාන් පළාතේ කුන්මිං නගරයේදී අවසන් විය. 

එම ප්‍රදර්ශනයේ විධායක කමිටුව මාධ්‍ය හමුවක් පවත්වමින් කියාසිටියේ, මෙවර ප්‍රදර්ශනයේ දී ලබා ගත් ආයෝජන හා සහයෝගිතා වටිනාකම යුආන් බිලියන 10ක ඉක්මවන බවයි. එමෙන්ම මාර්ගගත හා මාර්ගගත නොවන අලෙවිය චීන යුආන් මිලියන 500කට වැඩි විය.

දකුණු ආසියානු රටවල් සමග ප්‍රායෝගික සහයෝගිතාව මනාව පෙන්නුම් කළ මෙවර ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව පසුගිය වර්ෂයේ සංඛ්‍යාව වූ 480ක සිට 776ක් දක්වා වැඩි වී තිබීම විශේෂත්වයකි. ආසියානු රටවල රාජ්‍ය ආයතනවල සංවිධානයෙන් ව්‍යවසායන් 400කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට සහභාගි වූහ. ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය යන රටවල තේ හා බුමුතුරුණු යන භාණ්ඩ පාරිභෝගිකයන්ගේ ඉහළ ආකර්ෂණය දිනා ගෙන ඇත. එමෙන්ම පසුගිය 27 වනදා දක්වා දකුණු ආසියානු ප්‍රදර්ශන ශාලාවේ පමණක් සිදු වූ ගනුදෙනුවල වටිනාකම චීන යුආන් මිලියන 5 ඉක්මවා තිබේ. මෙවර චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට රටවල්, ප්‍රදේශ හා ජගත් සංවිධාන 82ක් සහ ව්‍යවසායන් 2000කට අධික සංඛ්‍යාවක් සහභාගි වී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම