අනාගත සංවර්ධනය සඳහා නවමු පියවරක් සනිටුහන් කළ චීනයේ ප්‍රතිසංස්කරණ
2024-07-29 11:29:04
Share with:

චීනය වර්තමාන ලෝකයේ සාමය සහ ආර්ථික සමතුලිතතාවය මෙන්ම ආර්ථික සමානාත්මතාව ඇති කිරීම උදෙසා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

එමෙන්ම ඉහළම ආර්ථික වර්ධනයක් හිමි කර ගනිමින්, ආර්ථික බලවතා බවට පත්වෙමින් සිටින චීනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද විශාල දායකත්වයක් ලබා දී ඇත. එහිදී කිසිදු අයුරකින් දේශපාලන මැදිහත්වීමක් සිදු නොකර ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත්, නිදහස් දේශපාලන පරිසරයක් ඇති කිරීම සඳහාත් උපරිම සහයෝගය ලබා දී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි. 

වර්තමානයේ චීනය සිය නවීකරණ වැඩපිළිවෙළ තුළින් ලබා ගත් තාක්ෂණික දියුණුව ඔස්සේ ලෝකයට පොදු ප්‍රතිලාභ ලබා දෙමින් සිටී. එය මානව හිතවාදීත්වය වෙනුවෙන් චීනය සිදු කරන මහඟු කාර්යභාරයකි. එමෙන්ම පසුගිය දා පැවති  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ ප්‍රතිසංස්කරණ තීරණ චීනයේ ඉදිරි සංවර්ධනය සඳහා තැබූ නවමු පියවරකි. එම ඉදිරි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා චීනයට සුබ පැතුම් එක් කරන අතර ලෝක සාමය සහ සංවර්ධනය වෙනුවෙන් චීනය සිදු කරන දායකත්වය අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම