සුඩානයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර ආපදා තත්ත්වය මානුෂීය ව්‍යසනය තවදුරටත් උග්‍ර කර ඇත. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ඊයේ (28) වාර්තාවක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.
නැගෙනහිර සුඩානයේ කසාලා ප්‍රාන්තයේ මෑතකදී ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ අවතැන්වූවන්ට විශාල බලපෑමක් එල්ල කර ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් පස්දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ද වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය දස දහස් ගණනක් අවතැන් වූ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පළාත් පාලන ආයතන සමග එක්ව කටයුතු කරමින් සිටී.
මේ අතර, මේ වසරේ ජූනි මස අග සිට, ගිනිකොනදිග සෙන්නාර් ප්‍රාන්තයේ සුඩාන සන්නද්ධ ගැටුමේ දෙපාර්ශ්වය අතර ගැටුම් ද උත්සන්න වී ඇත. ඒ හේතුවෙන් සුඩාන ජාතිකයන් 136,000 කට වැඩි පිරිසක් සිය නිවෙස් අතහැර පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන් දස දහස් ගණනක් කසාලා ප්‍රාන්තයේ රැකවරණය ලබා ඇත.