ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ත පාලන පද්ධතිය ශක්තිමත් කළ යුතු බව චීනය පවසයි
2024-07-29 10:24:36
Share with:

ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ත පාලන පද්ධතිය ශක්තිමත් කරමින් න්‍යෂ්ටික අවදානම් තුරන් කළ යුතු බව චීනය පවසයි. පසුගිය 26 වැනිදා න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුමේ 11 වන සමාලෝචන සමුළුවේ දෙවන සූදානම් කමිටුවේදී චීන නියෝජිතයා ඒ බව පැවසීය.

වර්තමානයේ ඇතැම් න්‍යෂ්ටික අවි රාජ්‍යයන් මහා බල තරගයකින් උමතු වී සිටින අතර, ඔවුන්ගේ භූ දේශපාලනික අවශ්‍යතා ජාත්‍යන්තර න්‍යෂ්ටික ආයුධ පාලන පද්ධතියට ඉහලින් තබමින්, න්‍යෂ්ටික ව්‍යාප්තියේ අවදානම උග්‍ර කරන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

වත්මන් තත්ත්වය හමුවේ, ජාත්‍යන්තර ප්‍රජාව එම ගිවිසුමේ නව වටයේ සමාලෝචනයෙන් ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි පාලන පද්ධති අධිකාරිය සහ ඵලදායීතාව පවත්වා ගත යුතු බව ද ඔහු කීය. ඒ සඳහා චීනය යෝජනා තුනක් එහිදී අවධාරණය කරයි. ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ පද්ධතිය දුර්වල කිරීමේ ක්‍රියාවන් නැවැත්විය යුතුය. දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් උණුසුම් කලාපීය ගැටළු විසඳිය යුතු අතර, ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ පද්ධතිය තවදුරටත් තහවුරු කළ යුතු බව ද චීන නියෝජිතයා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම