චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ලෝකයේ පවතින සමාජීය වෙළඳපළ ආර්ථික ආදර්ශය මැනවින් පිළිබිඹු කෙරෙන ආර්ථිකයක් ලෙස හැඳින්විය හැකිය. සමාජවාදය තුළ පවතින ගුණාත්මක ලක්ෂණ වර්ධනය කර ගන්නා අතර චීනයට අනන්‍ය ලක්ෂණ එකතු කර ගත් ආර්ථිකයක් චීනයේ පවතී. සමාජවාදයේ හා ධනවාදී ආර්ථිකයේ තිබූ අසාදු ලක්ෂණ අවම කොට එහි ධනාත්මක ලක්ෂණ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් චීනය සමාජීය වෙළඳපල ආදර්ශය ගොඩ නගා ඇති බව, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා පැවසීය.
චීනය පසුගිය කාලය මුළුල්ලේම සමාජවාදී සංකල්පය තුළ පැවති පොදු දේපළ ක්‍රමය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම ආරම්භ කර ඇත. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සමූහ ගොවිපළවල තිබූ අයිතිය විශේෂයෙන්ම ඵළදායී ආයෝජන වෙත යොමු කිරීමට පියවර ගැණින. ගෝලීය ප්‍රධාන ආයෝජකයන් මේ සඳහා ප්‍රවේශ වූ අතර එම නිසා චීනය තුළ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් විය. එහිදී කර්මාන්තශාලා ක්ෂේත්රයට ග්‍රාමීය ජනතාව ඇදී යාමත් සමගම ඇති නැති පරතරය තුලනය කර ගැනීමටත්, ඒ හරහා ගොඩනැගෙන සමාජ විෂමතා වලක්වා සුබසාධන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමටත් පියවර ගෙන ඇත. ෂී ජින් පිං ජනපතිගේ පාලනයේ දී ඉඩම් ප්‍රතිසංස්කරණ, සුබසාධන ප්‍රතිසංස්කරණවලට අමතරව බදු ප්‍රතිසංස්කරණ ඇති කිරීම අගය කළ යුතු බව ද වසන්ත යාපාබණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටී.
චීන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය වර්ධනය වී තිබේ. ඒ හරහා චීනයේ ගොඩනැගෙන ආර්ථික වර්ධන වේගය, ලෝකයේ අනෙකුත් රටවල්වලට ලබා දීම සඳහා විශේෂ ක්‍රියාවලියක් සිදු වන අතර එහිදී ලංකාව, මාලදිවයින වැනි රටවල චීන ආයෝජන ව්‍යාප්ත වනු දක්නට හැකිය. චීන ආර්ථික ප්‍රතිසංස්කරණ කලාපීය රටවල්වලට තවදුරටත් හිමි වීම තම අපේක්ෂාව බව, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා සඳහන් කළේය.