අපනයන කේන්ද්‍රීය, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් සමග රට ඉදිරියට රැගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම සඳහා රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේ පැවති උත්සවයට එක්වෙමිනි. අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.
මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත ජනාධිපතිවරයා මෙහිදී තම ස්තුතිය පළ කළේය. අපනයන කේන්ද්‍රීය, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට අවශ්‍ය පරිපාලන හා ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට එක්වන ලෙස ද හෙතෙම සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම් කළේය.