දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි චීනය දරන ස්ථාවරය චීන විදේශ අමාත්‍ය වං යී මහතා පැහැදිලි කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ (27)වියන්ටියාන් හී පැවති නැගෙනහිර ආසියානු සහයෝගිතා පිළිබඳ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම් මාලාවකට එක්වූ අවස්ථාවේදී දකුණු චීන මුහුදේ ප්‍රශ්ණය කෙරෙහි චීනය දරන ස්ථාවරය පැහැදිලි කළේය.
එම ප්‍රදේශයේ චීනය සතු ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් වලට මනා ඓතිහාසික පසුබිමක් හා නීතිමය අනුබලයක් හිමි බව වං යී මහතා පැවසීය. අවට ප්‍රදේශයේ මිත්‍රත්වය හා කලාපීය සහයෝගීතා තත්ත්වය සහතික කිරීම මත චීනය ආසියන් රටවල් සමඟ ‘දකුණු චීන මුහුදේ ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශ්වයන්හී ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රකාශනය’ට අත්සන් තබා ඇත. ප්‍රාදේශීය රටවලට එම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා පූර්ණ විශ්වාසය, බුද්ධිය හා හැකියාව තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
දකුණු චීන මුහුදු කලාපය, ලෝකයේ සුරක්ෂිතම නිදහස් ම සාගර මාර්ගවලින් එකකි. එම කලාපයෙන් පිටත රටවල් අදාළ ගැටළුවලට මැදිහත් වී මැදි දුර මිසයිල පවා එම ප්‍රදේශයට යොමු කර ගැටුම් ඇති කිරීමට උත්සාහ දරමින් සිටී. එය, දකුණු චීන මුහුදේ සාමය විනාශ කිරීමේ විශාලතම සාධකයක් බව ද වං යී මහතා පැවසීය.