චීන මාධ්‍ය සමූහය හා ස්පාඤ්ඤයේ MEDIAPRO සමූහය අතර සහයෝගිතා ගිවිසුමක්
2024-07-28 15:03:19
Share with:

චීන මාධ්‍ය සමූහය හා ස්පාඤ්ඤයේ MEDIAPRO සමූහය ඊයේ (27) Barcelona හිදී සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය.

මාධ්‍ය සම්පත් හුවමාරු, ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් නිෂ්පාදනය, නව තාක්ෂණික නවෝත්පාදන භාවිත කිරීම යන ක්ෂේත්‍ර වල සහයෝගිතා සඳහා දෙපාර්ශ්වය එකඟතාවන්ට පැමිණ තිබේ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා හා MEDIAPRO සමූහයේ සභාපති Tatxo Benet මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ.

සංස්කෘතික හුවමාරු පාලමක් ලෙස මාධ්‍ය ආයතන දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය අදහස් හුවමාරු හා මිත්‍රත්වය තහවුරු කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව Shen Haixiong මහතා පැවසීය. මෙවර සහයෝගිතා ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩා තරඟ, චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදනයන්, තාක්ෂණ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල අදහස් හුවමාරු තහුවරු කරමින් දෙරටේ මාධ්‍ය ක්ෂේත්‍රයන් පොදුවේ සංවර්ධනය කළ හැකි වෙතැයි චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපේක්ෂා පළ කළේය.  

1994 වසරේ ස්ථාපිත කරන ලද MEDIAPRO සමූහය යුරෝපයේ විශාලතම බලපෑම් සහිත මාධ්‍ය සමූහවලින් එකකි. එම සමූහයේ මූලස්ථානය Barcelona හී  පිහිටා තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම