මෑතපෙරදිග පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහනාධාර සහ කාර්ය ඒජන්සියට එරෙහි ඊශ්‍රායල පියවරයන්ට විරෝධය
2024-07-28 15:19:21
Share with:

මෑතපෙරදිග පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහනාධාර සහ කාර්ය ඒජන්සියේ නිලධාරිනියක වන Antonia De Meo මහත්මිය පැවසුවේ එම ඒජන්සිය විසුරුවා හැරීමට ඊශ්‍රායලය දරන උත්සාහයන්ට එරෙහිව ඒකාබද්ධව ප්‍රතිරෝධය දැක්විය යුතු බවයි. පසුගිය 26 වැනිදා ඇය මේ බව කියාසිටියේ, අදාළ තොරතුරු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරමිනි. පලස්තීන සරණාගතයින්ගේ අයිතීන් සුරැකීමට තම ඒජනසිය ඉටු කරන  කාර්යභාරය හා දේශපාලන විසඳුමක් සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ කැපවීම  එමගින් පිළිබිඹු වන බැවින් මෙවැනි තත්ත්වයක් මතු ව ඇති  බව ඇය සඳහන් කළාය.

එම ඒජනසිය "ත්‍රස්තවාදී සංවිධානයක්" ලෙස නිර්වචනය කිරීමට හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස සීමා කිරීමට ඊශ්රායල පාර්ලිමේන්තුව පසුගිය 22වැනිදා යෝජනා තුනක් සම්මත කළේය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම