චීන විදේශ අමාත්‍ය හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුව වියන්තියන් නුවර දී
2024-07-28 16:15:44
Share with:

චීන විදේශ ඇමතිවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමු වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ(27) ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලිකන් මහතා හමු විය. හමුව පැවැතියේ ලාඕසයේ වියන්තියන් නුවර දී 57 වැනි ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඇතුළු රැස්වීම් මාලාව පැවැත්වෙන අතරතුර දීයි. දෙරට ජනාධිපතිවරුන් San Fransico හමුවේදී එළඹි එකඟතාවන් තවදුරටත් සැබෑ කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ.

ගෙවී ගිය මාස 3 තුළ, චීනය හා ඇමරිකාව, රාජ්‍යතාන්ත්‍රිකභාවය, මූල්‍ය, නීති බලාත්මක කිරීම සහ හමුදාමය කටයුතු පිළිබඳව සම්බන්ධතා පවත්වා ඇති බව වං යී මහතා එහිදී පැවසීය. දෙරටේ ජනතාව අතර හුවමාරු ද වර්ධනය වී ඇත. එහෙත්, ඇමරිකාව චීනයට එල්ල කර ඇති පීඩා තවදුරටත් වැඩි වී තිබෙනවා මිස අඩුවීමක් දක්නට නොමැත. දෙරට සබඳතාව තුළ පවතින අවදානම් තවමත් වැඩි වී ඇති අතර, නිසියාකාරයෙන් මතභේද මග හැරිය යුතු බව හෙතෙම පැවසීය.

ඇමරිකාව පිළිබඳ චීනයේ ප්‍රතිපත්තිය වෙනස් වී නොමැත. ඒ, අන්‍යෝන්‍ය වශයෙන් ගරුත්වය දැක්වීම, සාමයේ හා සහජීවනයේ රැඳී සිටීම මෙන් ම පොදු-ජයග්‍රහනයන්හී එල්බ සිටීම ය.

එසේ ම, චීනය පිළිබඳ වැරදි ප්‍රත්‍යක්ෂයන් හී ඇමරිකා‍ව රැඳී සිටින බව පැවසූ චීන විදේශ අමාත්‍යවරයා, අධිපතිවාදය අනුගමනය නොකරන චීනය, සාමය හා ආරක්ෂාව පිළිබඳව වාර්තාගත අයුරින් ඉහළතම මට්ටමක සිටින රටක් බව සඳහන් කළේය.

එකම චීනය මූලධර්මය ඇමරිකාව අනුගමනය කරන බව ඇන්තනි බ්ලිකන් මහතා පැවසීය. චීනය සමග අදහස් හුවමාරු අඛණ්ඩ ව පැවැත්වීමට සූදානමින් සිටින ඇමරිකාව, දෙ‍රටේ මතභේද නිසි ලෙස සලකා බලමින් අනවබෝධයන් වළක්වා ගැනීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම