චීන උප ජනපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති අතර හමුවක්
2024-07-28 18:47:51
Share with:

චීන උප ජනාධිපතිවරයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා හමු වෙයි.

පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වූ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, උප ජනාධිපති හන් චෙන්ග් මහතා ඊයේ (27) පැරිස් හිදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා හමු විය.

පැරිස් ඔලිම්පික් උළෙලේ සාමාරම්භක උත්සවය සාර්ථකව පැවැත්වීම පිළිබඳව චීනය සුබ පැතුම් පිරිනමන බව Han Zheng මහතා ප්‍රකාශ කළේය. වත්මන් ජගත් තත්ත්වය යටතේ, ඔලිම්පික් චින්තනය ප්‍රචාරය කළ යුතු අතර මෙවර ඔලිම්පික් උළෙල සුවිශේෂී අර්ථයන් ගෙන් යුතුය. චීනය සෑම විටම ජාත්‍යන්තර ඔලිම්පික් සංවර්ධනයට අනුබල දෙයි. ලබන වසරේ ආසියානු සීත කාලීන ක්‍රීඩා උළෙල චීනයේ පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ ද්විපාර්ශ්වික උසස් මට්ටමේ සහයෝගිතා අඛණ්ඩව තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර ඔලිම්පික් මෙහෙවරට අඛණ්ඩව සහය ලබා දෙන චීනය නව කොරොනා වසංගතය මධ්‍යයේ 2022 වසරේ සීත සෘතු ඔලිම්පික් උළෙල සාර්ථකව පවත්වා ඒ ඒ රටවල ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා වැදගත් අත්දැකීම් ලබා දුන් බව Thomas Bach මහතා පැවසීය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව චීනය සමඟ එක්ව අඛණ්ඩව සමීප සහයෝගිතා පැවැත්වීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.  

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම