ජනාධිපතිවරණයට අදාළව මූලික මුද්‍රණ කටයුතු අවසන්
2024-07-28 18:53:57
Share with:

ජනාධිපතිවරණයට අදාළව මූලික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා තේරීම්භාර නිලධාරීවරයා ලෙස පත් කරමින් ගැසට් පත්‍රයක් මේ වනවිට නිකුත් කර ඇති බව සඳහන්ය.

එමෙන්ම එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා සහකාර තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම