ආසියාන් හා චීන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ලාඕසයේ වියන්තියන් නුවර දී
2024-07-27 15:16:36
Share with:

ආසියාන් හා චීන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ලාඕසයේ වියන්තියන් නුවර දී පැවැත්වේ. ඊයේ (26) පැවති මෙම රැස්වීමේ දී ද්වීපාර්ශ්වික සබඳතාවන්හී සාර්ථක ප්‍රතිඵල අගය කළ ඔවුහු ආර්ථික, වෙළඳ සහයෝගතාවන් මෙන්ම ජනතාව අතර හුවමාරු තවදුරටත් ප්‍රවර්ධනයට අපේක්ෂා පළ කළහ.

ලාඕසයේ පැවති රැස්වීමේ සම සභාපතිත්වය චීන විදේශ ඇමතිවරයා විසින් දරනු ලැබිණ. චීනය ආසියාන් සංවිධානයේ වාරික සභාපති රට ලෙසට කටයුතු කරමින් සිටී.

එම රැස්වීමේ දී අදහස් දැක්වූ චීන විදේශ ඇමති වන්ග් යී මහතා පැවසුවේ චීනය හා ආසියාන් සංවිධානය මිත්‍රශීලී අසල්වැසියන් මෙන්ම සමීප හවුල්කරුවන් බවයි. චීන ආසියාන් පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ස්ථාවර හා ඵලදායී ලෙස ගොඩනංවමින් දෙපාර්ශවයේ  බිලියන දෙකක ජනාතාවට ප්‍රතිලාභ ගෙනදීමට හැකි බව හෙතෙම එහිදී පැවසීය. දෙපාර්ශ්වය අතර සමීප ආර්ථික හා වෙළඳ සබඳතා වර්ධනය වී තිබේ. චීන මාදිලියේ නවීකරණයක් තුළින් චීනය තවදුරටත් සිදු කරන ප්‍රතිසංස්කරණ තුළින් ආසියාන් සංවිධානය හා ලොව සෙසු රටවලට නව අවස්ථාවන් ජනිත කරනු ඇතැයි ද චීන විදේශ ඇමතිවරයා සඳහන් කළේය. වසර 33ක් පුරා පැවැත්වෙන චීන ආසියාන් සංවාදය චීන විදේශ ඇමතිවරයා ගේ ඇගයීමට ලක්විය. එය ආසියා පැසිෆික් කලා‍පයේ වඩාත් ඵලදායී හා දීප්තිමත් සහයෝගතාවක් බව හෙතෙම සඳහන් කළේ, ආසියන් සංවිධානය කේන්ද්‍ර කරගත් කලාපීය සහයෝගතා යාන්ත්‍රණයක් වෙනුවෙන් චීනයේ අඛණ්ඩ සහයෝගයද ලබා දෙන බව පවසමිනි. චීන ආසියාන් සංවිධාන නිදහස් වෙළද ගිවිසුම උත්ශ්‍රේණිගත කිරීමේ සාකච්ඡා වර්ධනයට ඒකාබද්ධ උත්සහායන් දරන ලෙසට ද හෙතෙම ඉල්ලා සිටියේය.


රැස්වීමට එක්වූ සියළු පාර්ශ්ව සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනය දරන උත්සාහයන් ඉහළින් අගය කළේය. සාමකාමී සහජීවනයේ මූලධර්ම 5 මත එල්බ සිටිමින් බැන්ඩුන් ජීවගුණය ඉදිරියට ගෙන යායුතු යැයිද ඔවුහු පැවසූහ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම