පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙසින් ඇරඹේ.ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා විසින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය ඊයේ (26) සනිටුහන් කරන ලදි.
එම ඓතිහාසික උත්සවය පැරිස් නුවර රිවර් සෙයින් හිදී පැවැත්විණ. සමාරම්භක උත්සවය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන උප ජනාධිපති හන් චෙන්ග් මහතා සහභාගී විය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් මහතා සංවිධායකයන් හා ප්‍රංශ ජනතාව වෙත එහිදී සිය ප්‍රණාමය පුද කළේය. ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වරට සමාරම්භක උත්සවය සත්කාරක නගරයේ ප්‍රධාන ක්‍රීඩාංගනයෙන් පරිබාහිරව පැවැත්වීම විශේෂත්වයකි. ක්‍රීඩක ක්‍රීඩාකාවෝ 6800ක් සිය ජාතික ධජ පෙරටු කර ගනිමින් කිලෝමීටර 6ක් දිග ජල මාර්ගයක් ඔස්සේ බෝට්ටු 85කින් සමාරම්භක උත්සවයට පැමිණියහ.
මෙවර ඔලිම්පික් උළෙල පැරීසියේ පැවැත්වෙන්නේ තුන්වෙනි වරටය. 1900 වසරේදී ප්‍රථම වරට එහි ඔලිම්පික් උළෙලක් පැවැති අතර දෙවනි වරට එම උළෙල පැරිසියේ පැවැතියේ සියවසකට පෙර එනම් 1924 වසරේදීය.
රටවල් හා කලාප 200කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10500දෙනෙක් මෙවර ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා 32ක ඉසව් 329ක් සඳහා තරග වදිති. ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් අතර පවතින අනුපාතය ප්‍රථම වරට 1:1ක් වීම ද විශේෂත්වයකි.
මෙවර ක්‍රීඩා උළෙලේ චීන නියෝජනය සාමාජිකයන් 405 දෙනෙකුගෙන් සමන්විතය. ඔලිම්පික් ශූරයන් 42 දෙනෙකු ඊට ඇතුළත්ය. ඔවුහු ක්‍රීඩා 30ක ඉසව් 236ක් වෙනුවෙන් තරග වදිති.