චීන උප ජනපති ප්‍රංශ ජනපති හමුවෙයි
2024-07-27 20:24:41
Share with:

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, උප ජනාධිපති හන් චෙන්ග් මහතා ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා හමුවිය. එය සිදු වූයේ ජූලි මස 26වනදා පස්වරුවේ Élysée මන්දිරයේදීය.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලට එක්වීමට ආරාධනා කරනු ලැබීම සතුටක් බවත් මෙවර ඔලිම්පික් උළෙල සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එහිදී හන් චෙන්ග් මහතා පැවසීය. පසුගිය මැයි මාසයේ ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රංශයේ සිදු කළ නිල සංචාරය ඉතා සාර්ථක වූ බවත් ඉන් චීන ප්‍රංශ මිත්‍රත්වයේ විශේෂ වැදගත්කම හා උසස් තත්ත්වය පිළිබිඹු වූ බවත් ඔහු පෙන්වා දී තිබේ.

හන් චෙන්ග් මහතා Macron මහතාගේ ඉහළ පිළිගැනීමට ලක් විය. ඉකුත් මැයි මාසයේ තමා ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග සුහද සාකච්ඡා පැවැත්වූ බවත් ඔහුගේ ප්‍රංශයේ නිල සංචාරය ඉතා සාර්ථක බවත් Macron මහතා එහිදී කියා සිටියේය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම