“නවයුගයේ ප්‍රතිසංස්කරණ තහවුරු කරන චීනය ලෝකයට තිළිණ කරන අවස්ථා”නමැති සංවාදය කොළඹදී
2024-07-27 15:31:50
Share with:

“නවයුගයේ ප්‍රතිසංස්කරණ තහවුරු කරන චීනය ලෝකයට තිළිණ කරන අවස්ථා” තේමාවෙන් යුතු සංවාදය ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

   චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා, එම පක්ෂය හා චීන ජනතාව මෙහෙයවා එක් එක් සංවර්ධන ඉලක්ක ඉටු කර ඓතිහාසික ජයග්‍රහණ දිනා ගෙන ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා පසුගියදා එම සංවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය. චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමෙන් ලෝකයට ගෙන දෙන නව අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් තම රටට වඩාත් විශාල සංවර්ධනයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

නොබෝ කළකට පෙර අවසන් වූ චීන කොමියුනිස්ට් පක්ෂ 20වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිය එරටේ උසස් මට්ටමේ ආර්ථික  සංවර්ධන ක්‍රමවේදය පරිපූර්ණ කිරීමටත් නව ගුණාත්මක ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීමටත් වැදගත් සැකසීම් සිදු කළ බව වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා එහිදී සඳහන් කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සඳහන් කළේ තමාට ගැලපෙන සංවර්ධන මාර්ගය තෝරා ගෙන එය ස්ථිරව අනුගමනය කරන චීනය සිය මැද හා දිගු කාලීන ඉලක්ක විද්‍යාත්මකව සකසමින් අංගසම්පූර්ණ අඛණ්ඩ වර්ධනයෙහි නියැළී සිටින බවයි. ඉන් ගෝලීය පාලනයට චීන විසඳුම් ලබා දී ඇති බව ද ඔහු පැවසීය.

“නවයුගයේ ප්‍රතිසංස්කරණ තහවුරු කරන චීනය ලෝකයට තිළිණ කරන අවස්ථා” තේමාවෙන් යුතු සංවාදය ලාඕසය හා ඉන්දුනීසියාව යන රටවල ද සාර්ථකව පැවැත්විණ. 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම