ගාසා තීරයේ මානුෂීය තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අතුරු රැස්වීමක්
2024-07-27 16:20:30
Share with:

චීනය, රුසියාව සහ ඇල්ජීරියාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (26) ගාසා තීරයේ මානුෂීය තත්ත්වය පිළිබඳ අතුරු රැස්වීමක් පැවැත්වීය.

රැස්වීමට පෙර එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පැවසුවේ ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් චීනය මෙම රැස්වීම කැඳවූ බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2735 යෝජනාව සම්මත කර මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති බවත්, සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන බව අදාළ රටවල් නිරන්තරයෙන් ප්‍රකාශ කළ නමුත් පසුගිය මාස දෙක තුළ ඊශ්‍රායලය මහා පරිමාණ යුද මෙහෙයුම් අඛණ්ඩව සිදු කරගෙන ගිය බවත් ඔහු පැවසීය.

පලස්තීනයේ විවිධ පාර්ශ්ව මේ සතියේ බෙයිජිං හි දී සංහිඳියා සංවාදය පවත්වා වැදගත් එකඟතාවකට පැමිණි බව Fu Cong මහතා පැවසීය. පලස්තීන ස්වාධීන රාජ්‍යය බිහි කිරීම සඳහා චීනයේ ස්ථිරව සහාය පළ කරයි. හැකි ඉක්මනින් සටන් විරාම ගිවිසුමකට එළැඹීම සඳහා ඊශ්‍රායලයට වැඩි පීඩනයක් එල්ල කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2735 යෝජනාවට අනුකූල නොවීම පිළිබඳව බොහෝ රටවල් එහිදී  කනස්සල්ල පළ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම