7වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මේ වසරේ නොවැම්බර් මාසයේ 5වැනිදා සිට 10වැනිදා දක්වා චීනයේ Shanghai නගරයේදී පැවැත්වේ. අද (27) 7වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දින 100ක අවරෝහණ ගණනයේ ආරම්භක දිනයයි. වර්තමානයේ එම ප්‍රදර්ශනය සඳහා විවිධ සූදානම් කටයුතු සිදුවෙමින් පවතී.
මේ වන විට රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 50 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය සඳහා ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කර ඇතැයි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sun Chenghai මහතා හෙළි කළේය. ඒ අතරින් නෝර්වේ, බෙනින්, බුරුන්ඩි, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇතුළු රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රථම වතාවට ප්‍රදර්ශනයට සහභාගි වීමට සූදානමින් සිටී. විවිධ ජාතික මණ්ඩපවලදී ද්විපාර්ශ්වික සහයෝග ප්‍රගතීන් ප්‍රදර්ශනය කිරීම මෙහි විශේෂත්වයකි.
මීට අමතරව, බොහෝ ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් මේ වසරේ ප්‍රදර්ශනය සඳහා සූදානම් කටයුතු සිදු කරන අතරතුර, 2025 වසරේ පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනයේ සහභාගීත්වය ද ස්ථිර කර තිබේ. මේ වන විට, සමාගම් 30 කට වැඩි ප්‍රමාණයක් ඊට අදාළ ගිවිසුම් අත්සන් කර ඇත.