පිලිපීනය චීනයේ Ren'ai ගල්පරය වෙත සැපයුම් ලබා දීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
2024-07-27 18:48:55
Share with:

පිලිපීනය, චීනයේ Ren'ai ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා සිටින සිය නෞකාව වෙත සැපයුම් ලබා දීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අද (27) වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

චීනයේ Ren'ai ගල්පරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා චීනය සහ පිලිපීනය ඇති කර ගත් තාවකාලික එකඟතාවට අනුව, අද (27) පෙරව‍රුවේ, චීන වෙරළාරක්ෂක බලකායේ පූර්ණ අධීක්ෂණය යටතේ,පිලිපීනය සිය නෞකාව වෙත  සැපයුම් යොමු කර තිබේ. පිලිපීනයේ ඒ සම්බන්ධයෙන් චීනයට   පූර්ව දැනුම් දීමක් සිදු කර තිබේ.

මූලධර්ම සහ ‍ස්ථාවර තුනක් පදනම් කරගෙන චීනය පිලිපීනය සමඟ අදාළ විධිවිධානවලට එළඹි බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය. Ren'ai ගල්පරය ඇතුළු නන් ශා සමූහ දූපත් සහ එහි යාබද ප්‍රදේශ පිළිබඳ ස්වෛරීභාවය චීනය සතුය. පිලිපීනය සමඟ අදාළ භෞමික ගැටළු සහ සමුද්‍රීය අයිතිවාසිකම් පිළිබඳ ආරවුල් සංවාදයෙන් නිසි ලෙස විසඳීමට චීනය සූදානම් බව ද එම ප්‍රකාශකයා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම