තම රටේ සංවර්ධනයට චීනය ලබා දුන් සහාය වනවාටු රාජ්‍යයේ අගමැතිවරයා ගේ පැසසුමට
2024-07-27 16:51:40
Share with:

වනවාටු ජනරජයේ අග්‍රාමාත්‍ය Charlot Salwai මහතා පසුගියදා චීනයේ නිල සංචාරයකට එක් විය. ඒ අතරතුර ඔහු චීන මාධ්‍ය සමූහයේ වාර්තාකාරිනියක සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. වනවාටු රාජ්‍යය වසර 2020 ලෝක ඌන සංවර්ධිත රටවල නාමාවලියෙන් නිදහස් විය. රටේ ආර්ථික වර්ධනය, එහි ශක්‍යතාව වැඩි කිරීම පිළිබඳව අගමැතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී සිය අදහස් දැක්වීය.

ජනතාවට ගුණාත්මක අධ්‍යාපනය හා වෛද්‍ය සේවාවන් හිමි වීම සහතික කළ යුතුය. අඩුම මට්ටම වුවද එය ප්‍රමාණවත් නොමැත. මේ අතර මාර්ග, විදුලි උත්පාදනය, සන්නිවේදනය, ජල සැපයුම ඇතුළු පොදු සේවා හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේදීත් විශාල අවශ්‍යතාවක් පැවතිණ. චීනය අපේ වරාය හා මහා මාර්ග ඉදිකිරීමට උපකාර විය. එපමණක් නොව, විපතට පත්වූ අවස්ථාවල චීනය අපට සහාය දුන්නේය. පාසල් හා සමාජ ප්‍රජා සඳහා වෛද්‍ය සහනාධාර ද ලබා දුන් බව වනවාටු අගමැතිවරයා පැවසීය.

ෂී ජින්පිං ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨ නායකයෙක් යැයිද ඔහු එහිදී සඳහන් කළේය. දැවැන්ත චීනය සුවිශාල ජනගහණයකින් සතුය. දේශගුණ විපර්යාසයට මුහුණ දීම පිළිබඳ ජාත්‍යන්තර නීරිරීති හා රෙගුලාසි සම්පාදනය සඳහා කැපකිරීම් සිදු කළ චීනය ගෝලීය සාමය සාක්ෂාත් කර ගැනීම සඳහාත් ප්‍රයත්න දරමින් සිටියි. ෂී ජින්පිං මහතා වැනි නායකයන් දැක ගැනීම සතුටක් බව ද හෙතෙම සඳහන් කර ඇත.

ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය යෝජනා හා මුලපිරුම් පිළි ගන්නා බවත් විශේෂයෙන් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය තම රටේ අභිලාෂය මෙන් තම  ජනතාවගේ සිතුවිලි  හා අනුකූල වන බවත්  Charlot Salwai අගමැතිවරයා විශේෂයෙන් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම