ආසියන් සංගමයට අයත් රටවල් හා චීනය, ජපානය, දකුණු කොරියාවේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම ලාඕසයේ වියන්තියන් නුවර දී
2024-07-27 19:00:42
Share with:

ආසියන් සංගමයට අයත් රටවල් හා චීනය, ජපානය, දකුණු කොරියාවේ (10+3) විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම පැවැත්වෙයි. රැස්වීම අද(27) ලාඕසයේ වියන්තියන් නුවර දී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඊට සහභාගී වෙමින් පැවසුවේ ගතවූ වසර තුළ, එම රටවල සහයෝගිතා සාධනීය අයුරින් පවත්වා ගෙන ඇති බවයි. කලාපීය වශයෙන් ආර්ථික ඒකීයකරණය තවදුරටත් තහවුරු වී ඇත. 10+3 ක්‍රමය මගින්, නැගෙනහිර ආසියාවේ කැපී පෙනෙන සහයෝගිතා ක්‍රමයක් ලෙසට ගතවූ වසර 20කට වැඩි කාලයක් තුළ, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තහවුරු වී තිබීම විශේෂත්වයකි. මෙම ක්‍රමය යටතේ පවත්වන සහයෝගිතාව සඳහා චීන විදේශ අමාත්‍යවරයා සිව්වැදෑරුම් යෝජනාවක් ඉදිරිපත් කළේය.

ආර්ථික ඒකීයකරණය තවදුරටත් සහතික කරමින් කලාපීය වශයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතා තහවුරු කළ යුතු බව ඔහු පැවසීය. අර්බුදයන්ට මුහුණ දීමේ ශක්‍යතාවන් ඉහළ නංවා කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කළ යුතු අතර, අලුතෙන් නැගී එන ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කළ යුතු ය. මානව හුවමාරු තර කරමින් පොදු එකඟතා එක්රැස් කළ යුතු බව ද චීන විදේශ ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම