චීනයේ සිටින විදේශ රාජ්‍යතාන්ත්‍රිකයෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිය පිළිබඳ ප්‍රචාරක සමුළුවට එක් වෙති
2024-07-27 21:13:51
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිය පිළිබඳ ප්‍රචාරක සමුළුව මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) පැවැත්විණ.  චීනයේ සිටින විදේශ තානාපතිවරුන් ඇතුළු උසස් රාජ්‍යතාන්ත්‍රිකයෝ එම අවස්ථාවට එක්වූහ.

එහිදී එම දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානීන් හා අදාල විශේෂඥවරුන් විසින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසියෙන් ලද ප්‍රතිඵල හා එහි ඉමහත් වැදගත්කම විග්‍රහ කර ඇත.  ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා උසස් මට්ටමේ විවෘතභාවය පිළිබඳ ක්‍රමවේද හා පද්ධති වැඩිදියුණු කිරීමට චීනය ක්‍රියා කරන බව ඔවුහු පවසති. සාමකාමී සංවර්ධන මාර්ගය අනුගමනය කරන චීනය, විවිධ රටවල සමෘද්ධියට නව ගාමක බලයක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුහු කියා සිටියහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිය චීනයට මෙන් ලෝකයටත් ගැඹුරු වැදගත්කමක් හිමි වන බව විදේශ තානාපතිවරු එහිදී සඳහන් ක‍ළහ. එය ලෝක ආර්ථික පුනර්ජීවනය හා සංවර්ධනය කෙරේ වැදගත් සක්‍රිය බලපෑමක් එල්ල කරනු ඇති බවත් අවස්ථා පොදුවේ බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වාසී හා පොදු ජයග්‍රහණ ඉටු කිරීමට අපේක්ෂා කරන බවත් ඔවුහු සඳහන් කළහ.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම