චීනය, රුසියාව සහ ලාඕසය පළමු ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පවත්වයි
2024-07-26 13:27:29
Share with:

චීනය, රුසියාව සහ ලාඕස පළමු ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ හමුව ඊයේ(25) ලාඕසයේ Vientiane නුවර දී පැවැත්විණ. ලාඕස උප අගමැති හා විදේශ ඇමති Saleumxay Kommasith මහතා එම හමුවේ මුලසුන දැරූ අතර, චීන විදේශ ඇමති වං යී මහතා හා රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා ඊට එක් වූහ.

චීනය, රුසියාව සහ ලාඕසය, ආසියා පැසිෆික් කලාපයේ නැගී එන ආර්ථිකයන් වන අතර, කලාපීය සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ නිර්මාණාත්මක බලවේග වන බව, වං යී මහතා සඳහන් කළේය. ත්‍රෛපාර්ශ්වයන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම, පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමට හිතකර වනවා පමණක් නොව, ආසියා පැසිෆික් රටවල් එක්සත් වී සහයෝගයෙන් කටයුතු කිරීමට, කලාපීය ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, අවදානම් සහ අභියෝග එක්ව ආමන්ත්‍රණය කිරීමට පැහැදිලි යෝජනා ඉදිරිපත් කර ඇති බව වං යී මහතා පැවසීය. ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වය පිළිබඳ චීනයේ විනිශ්චයට, Sergey Lavrov මහතා සහ Saleumxay Kommasith මහතා පොදු එකඟත්වය පළ කලහ. චීනය, රුසියාවේ සහ ලාඕසයේ බොහෝ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පොදු ස්ථාවරයන් සහ අදහස් ඇති බවත්, ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවය රටවල් තුනේ ජනතාවට ප්‍රතිලාභ දෙනු ඇති බවත්, ඔවුහු පැවසූහ.

උසස් තත්ත්වයේ "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධව ගොඩනැගීමේ දී ඵලදායී සහයෝගීතා ප්‍රතිඵල පිළිබඳව, ත්‍රෛපාර්ශ්වයන් ධනාත්මකව අදහස් දැක්වූහ. යුරේසියානු ආර්ථික සංගමයේ සහ ආසියාන් කලාපයේ සංවර්ධන උපාය මාර්ග සමඟ, "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධ ගොඩනැගීම ප්‍රවර්ධනය කරනු ඇතැයි ඔවුහු සඳහන් කළහ. ‍ත්‍රෛපාර්ශ්වයන් "චීන-ලාඕස දුම්රිය + චීන-යුරෝපීය දුම්රිය" උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතර, වඩා සමීප සම්බන්ධතා හවුල්කාරිත්වයක් ඇති කරති. එසේම ත්‍රෛපාර්ශ්වයන් එක්ව බල දේශපාලනයට විරුද්ධ වන අතර, බහුපාර්ශ්විකත්වය භාවිතා කරනු ඇත.

ශැංහයි සහයෝගිතා සංවිධානය, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය සහ ආසියාන් සහයෝගිතා රාමුව අතර සම්බන්ධය ශක්තිමත් කරන බවත්, කලාපීය ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කරන බවත්, ත්‍රෛපාර්ශ්වයන් ප්‍රකාශ කළහ. ශැංහයි සහයෝගිතා සංවිධානයේ සංවාද හවුල්කරුවෙකු වීමට සහ බ්‍රික්ස් යාන්ත්‍රණ ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට, චීනය සහ රුසියාව ලාඕසයට සහාය දක්වනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම