චීන ජනපති මාලදිවයින් නිදහස් දිනය වෙනුවෙන් එරට ජනාධිපතිවරයාට සුබ පැතුම් පිරිනමයි
2024-07-26 16:38:48
Share with:

මාලදිවයිනේ 59වන නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට ජනාධිපති Mohamed Muizzu මහතා වෙත සුබ පැතුම් පිරිනමයි.

එම පණිවුඩය අද (26) යොමුකර තිබේ.

චීනය හා මාලදිවයින අතර මිත්‍රත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමෙන් පසු දෙරට අන්‍යෝන්‍ය ගරුත්වයෙන් හා සහයෝගයෙන් කටයුතු කර ඇතැයි චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එකිනෙකාට සමානව සලකමින්, අන්‍යෝන්‍ය ලෙස උපකාර කොට අන්‍යෝන්‍ය යහපත හා ‍පොදු ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා දෙරටේ සබඳතාව ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇතැයි ද එම සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

චීනය සහ මාලදිවයින අතර සබඳතා සංවර්ධනය ඉතා වැදගත් කොට සලකන තමා, Muizzu මහතා සමඟ එක්ව දෙරටේ දේශපාලන ‍අන්‍යෝන්‍ය විශ්වාසය හා විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කොට පුද්ගල හුවමාරු සමීප කිරීමට බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා කියාසිටී. චීන-මාලදිවයින් විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තවදුරටත් තර කරමින් පොදු ඉරණමක් සහිත  චීන-මාලදිවයින් ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට තමා සූදානම් බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම