ජනාධිපතිවරණ ඇප මුදල් සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත්කෙරේ
2024-07-26 17:44:45
Share with:

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කළ යුතු  ඇප මුදල් සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත්කෙරේ.

පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය‍ට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ඡන්ද හිමියෙකු විසින් යෝජනා කරන ලද අපේක්ෂකයෙකු රුපියල් 75,000ක මුදල් ඉදිරිපත් කළ යුතුය.

මේ අතර නිදහස් සහ සාධාරණ ඡන්ද විමසුමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවන බව ද මැතිවරණ කොමිෂන් සභාපතිවරයා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන ලද නියමයන් සහ විධානයන්ට අනුව ඉදිරි මැතිවරණ කටයුතු සිදුකරගෙන යාමට සහාය ලබාදෙන ලෙස ඒ මහතා ඉල්ලීමක් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම