අදාළ රටවලට කවරාකාරයෙන් හෝ ආසියා ශාන්තිකර කලාපය තුළ ‘න්‍යෂ්ටිකභාවය බෙදා ගැනීමේ’සංකල්පය පුළුල් කළ නොහැකි බව චීනය කියයි
2024-07-26 19:56:06
Share with:

අදාළ රටවලට කවරාකාරයෙන් හෝ ආසියා ශාන්තිකර කලාපය තුළ ‘න්‍යෂ්ටිකභාවය බෙදා ගැනීමේ’ සංකල්පය පුළුල් කළ නොහැකි බව  චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය. චීනයේ අවි පාලනය හා නිරායුධකරණ සංගමය,  න්‍යෂ්ටික කටයුතු පිළිබඳ උපායමාර්ග හා සැකසුම් පර්යේෂනායතනය ඊයේ(25) NATO සංවිධානය ඉදිරිපත් කළ ‘න්‍යෂ්ටිකභාවය බෙදා ගැනීම’  යන සංකල්පය පිළිබඳව උප සංවාදයක් පැවැත්වූ බව වාර්තා වෙයි. එය පවත්වනු ලැබුවේ ජිනීවා නුවර පැවති ‘න්‍යෂ්ටික නිර්ව්‍යාප්ත ගිවිසුම’ පිළිබඳ 11 වැනි සමාලෝචන සම්මේලනයේ 2 වැනි පූර්ව සැසිය අතරතුරදී ය. NATO සංවිධානයේ  ‘න්‍යෂ්ටිකභාවය බෙදා ගැනීම’, ‘න්‍යෂ්ටික නිර්ව්‍යාප්ත ගිවිසුම’ උල්ලංඝණය කිරීමක් යන වාර්තාව චීනය එම උප සංවාදයේදී නිකුත් කළේය.

‘න්‍යෂ්ටික නිර්ව්‍යාප්ත ගිවිසුම’ මත පදනම් කරගත් ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරායුධකරණය හා න්‍යෂ්ටික නිර්ව්‍යාප්ත පද්ධතියට චීනය ස්ථිර ලෙස සහාය වන බව Mao Ning මහත්මිය පැවසුවාය. ඇමරිකාව, NATO සංවිධානයට අයත් න්‍යෂ්ටික අවි රහිත රටවල්වල න්‍යෂ්ටික අවි රැඳවීම, න්‍යෂ්ටික අවි ව්‍යාප්ත කිරීමකි. මෙමගින් න්‍යෂ්ටික ගැටුම් අවදානම් වැඩි කරමින් ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වයට හානි කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව කියා සිටියාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම