චීන විදේශ ඇමතිවරයා චීන-ආසියන් සංගමය අතර සහයෝගිතාවයේ ඵලදායී ප්‍රතිඵල හඳුන්වා දෙයි
2024-07-26 18:38:15
Share with:

චීන විදේශ ඇමති වං යී මහතා චීන-ආසියන් සංගමය අතර සහයෝගිතාවයේ ඵලදායී ප්‍රතිඵල හඳුන්වා දෙයි.

හෙතෙම අද(26) ලාඕසයේ වියන්තියන් නගරයේ පැවති චීන-ආසියන් සංගම් විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට එක්වෙමින් මේ බව හඳුන්වා දුන්නේය.

වං යී මහතා සඳහන් කළ පරිදි, චීන-ලාඕස ආර්ථික හා වෙළඳ සම්බන්ධතා ක්‍රමයෙන් වඩාත් සමීප වී ඇත. චීනය වසර 15ක් පුරා අඛණ්ඩව ආසියාන් සංගමයේ විශාලතම හවුල්කරුවා බවට පත් ව තිබේ. එමෙන්ම ආසියාන් සංගමය වසර 4ක් පුරා අඛණ්ඩව චීනයේ විශාලතම වෙළඳ හවුල්කරුවා ද වෙයි.

දෙපාර්ශ්වයේ පුද්ගල හුවමාරු වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර චීනය හා ආසියන් සංගම් රටවල් අතර සෘජු ගුවන් ගමන් වාර ගණන සතියකට 2300 කට වඩා වැඩි වී ඇතැයි හෙතෙම පැවසීය.

චීන-ලාඕසයේ දුම්රියෙන් මගී සහ අනෙකුත් ප්‍රවාහන මාර්ග සියලු පාර්ශ්වයන්ගෙන් නිෂ්පාදන සහ සැපයුම් දාමයන් ගැඹුරු ලෙස ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කර ඇති බව ද වං යී මහතා පෙන්වා දී තිබේ.

සහයෝගතාවන්හී නව ප්‍රබෝධයන් අඛණ්ඩව මතුවෙමින් පවතින අතර ආසියාන් සංගමය චීන මෝටර් රථ සමාගම්වල ප්‍රධාන විදේශ ආයෝජන ගමනාන්ත කලාපය බවට පත්ව ඇති බව ද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම