යුක්රේන අර්බුදය විසඳීමේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් හී සිව්වන වටය ජූලි මාසයේ 28වැනිදා ඇරඹේ
2024-07-26 18:55:01
Share with:

යුක්රේන අර්බුදය විසඳීමේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් හී  සිව්වන වටය ජූලි මාසයේ 28වැනිදා ඇරඹේ. ඊට සහභාගී වෙමින් යුරේසියානු කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිතයා වන Li Hui මහතා බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කරනු ඇත. එමෙන්ම, වත්මන් තත්ත්වය සහ සාම සාකච්ඡා ක්‍රියාවලිය පිළිබඳව Li Hui මහතා විසින් ‘ගෝලීය දකුණේ’ වැදගත් සාමාජිකයන් සමඟ තවදුරටත් අදහස් හුවමාරු කර ගනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු සහ වගකීම් සහගත ප්‍රධාන රටක් ලෙස චීනය සෑම විටම යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීමට දැඩි ලෙස කැපවී සිටින බව Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම