චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රංශ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා අතර හමුවක්
2024-07-26 20:43:20
Share with:

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, අද (26) පැරිසියේදී ප්‍රංශ ජාතික ඔලිම්පික් හා ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඊ-ක්‍රීඩා කමිටුවේ සභාපති David Lappartient මහතා හමුවිය. විස්තීර්ණ සහයෝගීතාව ගැඹුරු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී එකඟතාවකට එළඹුණහ.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ විශාලතම ජාත්‍යන්තර විකාශන නිෂ්පාදන ව්‍යාපෘති සංඛ්‍යාවක් භාර ගෙන ඇති  ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ලෙස, චීන මාධ්‍ය සමූහය නැවත වරක් විකාශන ආවරණය අනුව වාර්තාගත පරිමාණයකට ළඟා වී ඇති බව Shen Haixiong මහතා පැවසීය. ලොව පුරා සිටින නරඹන්නන්ට අපූරු ක්‍රීඩා හා සංස්කෘතික මංගල්‍යයක් පිරිනැමීම සඳහා චීන මාධ්‍ය සමූහය “5G+4K/8K+AI” තාක්‍ෂණය සහ සිය ඉහළ වෘත්තීමය ශක්‍යතාවන් මනා ලෙස පිළිබිඹු කරන බව ඔහු පැවසීය.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පූර්ණ වාර්තාකරණය සඳහා කැපී පෙනෙන කාර්ය කණ්ඩායමක් යැවීම ගැන David Lappartient මහතා චීන මාධ්‍ය සමූහයට එහිදී සිය කෘතඥතාව පළ කළේය.

1894 වසරේදී පිහිටුවන ලද ප්‍රංශ ජාතික ඔලිම්පික් සහ ක්‍රීඩා කමිටුව ප්‍රංශයේ ජාතික ඔලිම්පික් කමිටුවයි. එම කමිටුවේ පළමු සභාපතිවරයා වූයේ නූතන ඔලිම්පික් ව්‍යාපාරයේ නිර්මාතෘ Pierre de Coubertin මහතා ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම