දිවංගත වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු මහ ලේකම් Nguyen Phu Trong මහතාට ෂී ජින්පිං මහතා ගේ විශේෂ නියෝජිතයා ගෙන් අවසන් ගෞරව
2024-07-26 14:58:25
Share with:

දිවංගත වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු මහ ලේකම් Nguyen Phu Trong මහතාට චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ විශේෂ නියෝජිත වන්ග් හුනින් මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත  පිරිස අවසන් ගෞරව දක්වති. 

ඊයේ (25)චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපතිවරයා ද වන වන්ග් හුනින් මහත වියට්නාම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද හමු‍විය. ෂී ජින්පිං මහතා හා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව වෙනුවෙන් සහ ෂී ජින්පිං මහතා ගේ විශේෂ නියෝජිතයා ලෙස මල් වඩමක් තැන්පත් කරමින්  Nguyen Phu Trong මහතාට අවසන් ගෞරව දැක්වූ වන්ග් හුනින් මහතා ෂී ජින්පිං මහතා හා පන්ග් ලියූවාන් මහත්මිය වෙනුවෙන් Nguyen Phu Trong මහතාගේ බිරිඳ වෙත ශෝකය පළ කිරීම ද සිදු කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම