“නවයුගයේ ප්‍රතිසංස්කරණ තහවුරු කරන චීනය ලෝකයට තිළිණ කරන අවස්ථා”සංවාද සමුළු යුරෝපයේ දී සාර්ථකව පැවැත්වේ
2024-07-26 14:13:28
Share with:

“නවයුගයේ ප්‍රතිසංස්කරණ තහවුරු කරන චීනය ලෝකයට තිළිණ කරන අවස්ථා” තේමාවෙන් යුතු සංවාද සමුළුව ඉතාලිය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල දී සාර්ථකව පැවැත්වේ. මෙම සමුළු ත්‍රිත්වය චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරනු ලැබීය.

එම රටවල් තුනේ දේශපාලන, වාණිජ, ශාස්ත්‍රීය හා මාධ්‍ය ක්ෂේත්‍රවල නියෝජිතයෝ එම සමුළු සඳහා එක්ව සිටියහ.  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ලෝකයට රැගෙන එන පුළුල් දැක්ම පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමුකෙරිණ. එසේම, චීනය හා යුරෝපය අතර ශිෂ්ටාචාර හුවමාරු, අන්‍යෝන්‍ය අධ්‍යයන සහ චීනයේ පුළුල් ප්‍රතිසංස්කරණ ඔස්සේ චීන - යුරෝපා සහයෝගිතාවන්ට නව අවස්ථා විවර වීම යනාදී තේමා රැසක් සම්බන්ධයෙන් ද එම විද්වත් පිරිස සාකච්ඡා පවත්වා ඇත. වර්තමාන ලෝකය මුහුණ පාන බරපතල අභියෝගවලදී විවිධ රටවල අන්‍යෝන්‍ය සබඳතාවන් හි වැදගත්කම ඔවුහු අවධාරණය කළහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පෙන්වා දී ඇත්තේ චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණ, ලොවට හිතකර මෙන්ම සාමකාමී සංවර්ධන ක්‍රමවේදය බවයි. පොදු ප්‍රතිලාභ සහ වෙනස්කම්වලට ගරුකිරීම යන ගුණාංග සහිත ආර්ථික ගෝලීයකරණ සංකල්පය සක්‍රිය ලෙස මුලපුරමින් ජාත්‍යන්තර සහයෝගිතාවන්හි විවෘත භාවය වැඩිදියුණු කිරීමට චීනය කැප වී සිටී. එසේම, ප්‍රතිසංස්කරණ තහවුරු කිරීම හා විවෘතභාවය පුළුල් කිරීම පිළිබඳ චීනයේ නොසැලෙන අධිෂ්ඨානය ඉන් පිළිබිඹු වන බව ද එම නියෝජිතයෝ කියාසිටියහ. චීනය උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේදී ලබා ගත් ප්‍රතිඵල ද ඔවුන්ගේ ඉහළ පැසසුමට ලක්විය. තම රට  ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන, ආරක්ෂක හා ශිෂ්ටාචාර යන මුලපිරුම් තුන ක්‍රියාවට නංවමින් සහ සිය බුද්ධිමය තාක්ෂණ හා සංවර්ධන ප්‍රතිඵල බෙදා ගනිමින් පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීම සඳහා චීනය කැප වී ක්‍රියාකරනු ඇතැයි ද ඔවුහු විශ්වාසය පළ කළහ.

“නවයුගයේ ප්‍රතිසංස්කරණ තහවුරු කරන චීනය ලෝකයට තිළිණ කරන අවස්ථා” සංවාද සමුළු පිළිබඳව යුරෝපා මාධ්‍ය ද පුළුල් ලෙස වාර්තා කර ඇත. ඉතාලියේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව, Milano Cafe24 රූපවාහිනී සේවය, ජර්මන් අගනුවර රූපවාහිනි සේවය ඇතුළු බොහෝ ප්‍රධාන මාධ්‍ය වේදිකා ඊට ඇතුළත් ය.

මේ අතර, එම තේමාවෙන් යුතු සංවාද සමුළු සැම්බියාවේ හා දකුණු අප්‍රිකාවේ ද සාර්ථකව පවත්වා ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම