ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයා හා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් අතර හමුවක්
2024-07-26 10:28:05
Share with:

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා හා එහි නියෝජිත පිරිස හමුවෙයි. එම හමුව ඊයේ (25) පැරිස් නුවරදී පැවැත්විණ.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහ පිළිගැනීමේ භෝජන සංග්‍රහයට සහභාගී වීමට පැමිණි Shen Haixiong මහතා හා එම පිරිස උණුසුම් ලෙස පිළිගන්නා බව Thomas Bach මහතා පැවසීය. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා විකාශනය සඳහා චීන මාධ්‍ය සමූහයේ කාර්යශූර බව හා සූදානම පිළිබඳව ඔහු එහිදී කෘතඥතාව පළ කළේය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සහ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට චීන ජනතාව විශාල සහයෝගයක් ලබා දෙන අතර, චීන මාධ්‍ය සමූහය එහි වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව Thomas Bach මහතා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ඔලිම්පික් විකාශනයේ නව අදියරක් විවෘත කරමින් 8K අධි-පැහැදිලි තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය භාවිතයේදී චීන මාධ්‍ය සමූහයේ දායකත්වය කැපී පෙනේ. පොදු ජයග්‍රාහී සංවර්ධනය අඛණ්ඩව ඉටු කිරීම සඳහා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව චීන මාධ්‍ය සමූහය සමඟ පුළුල් සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කරන බව ද ඔහු පැවසීය.

ඔලිම්පික් ක්‍රීඩාවේ ආත්මය සහ චීන ක්‍රීඩාවේ ආත්මය ප්‍රවර්ධනය කිරීම, චීන මාධ්‍ය සමූහයේ වගකීමක් බව Shen Haixiong මහතා එම අවස්ථාවේදී කියා සිටියේය. ඔලිම්පික් ක්‍රීඩාවේ ව්‍යාප්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ චීන මාධ්‍ය සමූහයේ සහයෝගීතාව ශක්තිමත් කරනු ඇතැයි ඔහු එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම