චීනයේ ව්‍යාපාරික අනාගතය පිළිබඳ සුබවාදීව දකින ඇමරිකානු ප්‍රකට සමාගම්වල විධායක නිලධාරීන්
2024-07-26 14:22:46
Share with:

පසුගිය දා FedEx, Goldman Sachs, Apple, Boeing සහ Micron Technology ඇතුළු ඇමරිකානු සමාගම්වල විධායක නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් චීනයට පැමිණියේ ය. ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසියෙන් දින කිහිපයකට පසුවයි. ඇමරිකාවේ ප්‍රබල සමාගම්වල විධායකයන් මෙවන් විශේෂ පසුබිමක චීනයට පැමිණීමෙන් වැදගත් පණිවිඩ නිකුත් වී ඇති බව විචාරක මතය වී තිබේ.

පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසිය චීනයේ ඉදිරි සංවර්ධන පිළිවෙත් සකසා ඇත. රටේ ප්‍රතිසංස්කරණය වඩාත් පුළුල් අන්දමින් ඉදිරියට ගෙන යන අතර චීනය විදේශ රටවල් සමග විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වඩාත් සමීප ව කටයුතු කරනු ඇති බව එම පූර්ණ සැසියේදී ප්‍රකාශ කෙරිණ. චීනය සමග වඩාත් පුළුල් සහයෝගිතාවකට එම ඇමරිකානු සමාගම්වල විධායකයන් පැමිණියේ පෙරටත් වඩා වැඩි‍ විශ්වාසයකින් යැයි කිව හැක්කේ එබැවිනි. දේශපාලන වාසි අවාසි සලකා සන්ධානගත වී රටකට සම්බාධක පැනවීමට හෝ රටක් හුදකලා කිරීමට චීනය සැමවිමටම විරුද්ධය. එ‍මෙන් ම පොදු සංවර්ධනය උදෙසා සියලු රටවල් එකමුතුවෙන් කටයුතු කිරීමේ අගය චීනය පෙන්වා දී තිබේ. චීනයේ මෙම ආකල්පය ආර්ථික හා වාණිජමය න්‍යායට අනුකූල වන අතර ඇමරිකාවේ ව්‍යවසායන්වල යහපතට ද ගැලපේ. මෙවර චීනයට පැමිණි ඇමරිකානු නියෝජිත පිරිස අතරට Apple සහ Micron Technology වැනි තාක්ෂණික සමාගම්වල ප්‍රධානීහු ද ඇතුළත් වූහ. මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ චීනය සමග ක්‍රියාකාරී ව සහයෝගිතා පැවැත්වීමට ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව බලාපොරොත්තු වන බවයි. එම ඇමරිකානු සමාගම්වල විධායකයන් සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී චීනයේ ආකල්පය ද පැහැදිලි විය. චීනයේ ආකල්පය වන්නේ සමානත්මතාවය හා අන්‍යෝන්‍ය ගරුත්වය පදනම් ව ලොව විවිධ රටවල් සමග සහයෝගිතා හා හුවමාරු ශක්තිමත් කරමින් නවීණකරණ මාවතේ ‍අත්වැල් බැඳගෙන ගමන් කිරීම ය.

 චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසියෙන් ප්‍රතිසංස්කරණ විධිවිධාන 300කට වැඩි සංඛ්‍යාවක් සකසා තිබේ. ඉදිරියේදී එම විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් චීන ආර්ථිකය තවදුරටත් පිබිදෙනු අතර එයින් ඇමරිකාව ඇතුළු විදේශ රටවල ව්‍යවසායන් වෙනුවෙන් වඩාත් පුළුල් සංවර්ධන අවකාශයක් නිර්මාණය වනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම