ලෝක සාමය බිහි කිරීමේ දී චීනයට විශාල මෙහෙවරක් ඉටු කළ හැකියි
2024-07-25 10:04:57
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියෙන් ඉදිරිපත් කරන ලද ඉදිරි සැලසුම් ගෝලීය සමාජ ප්‍රගමනයට ඉමහත් දායකත්වයක් සපයනු ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති,  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එහිදී ඔවුන් අනුගමනය කරන වෙළඳපොල සමාජවාදය මගින් චීනය ඉදිරියට ගෙන යාමටත්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කරන ලද යෝජනා ඔස්සේ එම අත්දැකීම ලෝකය සමග බෙදා හදා ගැනීමටත් පසුගිය කාල වකවානුව පුරා චීනයට හැකි විය. ලෝක සාමය බිහි කිරීමේ දී චීනයට විශාල මෙහෙවරක් කිරීමට හැකි බවත් ඔවුන් අත්හදා බලන ලද තාක්ෂණය මෙන්ම එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියෙන් අප්‍රිකානු හා යුරෝපා වෙළඳපොල ආසියාවට විවෘත කර ගැනීමට ලැබීම නිසා ලංකාවට ද ඊට දායක වීමට හැකි වී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම