ආයෝජන හා බලශක්ති සහයෝගතාවන් තවදුරටත් ප්‍රවර්ධනයට චීනය හා රුසියාව අතර එකඟතාව
2024-07-25 16:56:29
Share with:

ද්වීපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට ආයෝජන හා බලශක්ති සහයෝගතාවන් තවදුරටත් ප්‍රවර්ධනයට චීනය හා රුසියාව එකඟතාව පළ කරයි.

ඊයේ (24) පැවති 11 වන චීන රුසියා ආයෝජන සහයෝගතා කමිටු රැස්වීමේ දී මෙම එකඟතාව පළවිය. රුසියාවේ සංචාරයක නිරත චීන උප අගමැති ඩින්ග් ෂුවේෂියන්ග් මහතා සහ රුසියානු පළමු නියෝජ්‍ය අගමැති ඩෙනිස් මන්ටුරොව් මහතා‍ ගේ සම සභාපතිත්වයෙන් එම රැස්වීම පැවැත්විණ. 21වන චීන රුසියා බලශක්ති සහයෝගතා කමිටු රැස්වීම සහ 6 වැනි චීන රුසියා බලශක්ති ව්‍යාපාරික කවයද එම දෙපළගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණ. 

6වන චීන රුසියා ව්‍යාපාරික කවය වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිරිනැමූ සුබපැතුම් පණිවිඩයද චීන උප අගමැතිවරයා විසින් කියවන ලදි.

එම රැස්වීම්වලදී අදහස් දක්වමින් චීන උප අගමැති ඩින්ග් ෂුවේෂියන්ග් මහතා පැවසුවේ දෙරටේ රාජ්‍ය නායකයන් බොහෝ උපායමාර්ගික හුවමාරු සිදු කර ඇති අතර වැදගත් එකඟතාවන්ට එළඹෙමින් විවිධ ක්ෂේත්‍රවල චීන රුසියා සහයෝගතා වෙනුවෙන් පැහැදිලි මග පෙන්වීමක් සිදු කර ඇති බවයි. දෙරටේ නායකයන් එළඹි වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට චීනය රුසියාව සමග ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම කීය. රුසියා චීන සබඳතා සංවර්ධනය හා ප්‍රායෝගික ජයග්‍රහන  පිළිබඳ ඉහළින් අදහස් දැක්වූ රුසියානු පාර්ශ්වය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වෙනි මධ්‍යම කාරක සභාවේ තුන්වෙනි පූර්ණ සැසිවාරය සාර්ථකව පැවැත්වීම පිළිබඳව සුබ පැතුම් පිරිනැමීය. දෙරටේ රාජ්‍ය නායකයන් එළඹි එකඟතාවන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට චීනය සමග අත්වැල් බැඳ ගැනීමට රුසියාව සූදානම් බවටද එහිදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම