ලොව පුරා කුසගින්නෙන් පෙළෙන ජනගහණය අඛණ්ඩව වසර තුනක් තිස්සේ ඉහළ මට්ටමක
2024-07-25 11:27:52
Share with:

ලෝකයේ කුසගින්නෙන් පෙළෙන ජනගහණය අඛණ්ඩව වසර තුනක් තිස්සේ ඉහළ මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදල, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල, ලෝක ආහාර වැඩසටහන සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව ඊයේ (24) “2024 ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිළිබඳ වාර්තාව” නිකුත් කර ඇත. එහි දත්තවලට අනුව, 2023 වසරේ ලොව පුරා මිලියන 713ත් මිලියන 757 ත් අතර ජනතාවක් කුසගින්නෙන් පෙළෙන අතර, එය 2019 වසරේ සිට සලකා බැලූ විට මිලියන 152 ක පමණ වැඩිවීමකි. ඒ අනුව ලෝකයේ පුද්ගලයන් 11 දෙනෙකුගෙන් එක් අයෙකු සාගින්නෙන් පෙළෙන බව ද මෙම දත්ත මගින් පෙන්නුම් කෙරේ.

විවිධ ගැටුම්, දේශගුණික විපර්යාස සහ ආර්ථික අවපාත ඇතුළු අහිතකර සාධකවල පොදු බලපෑම යටතේ, ගෝලීය ආහාර අනාරක්ෂිතභාවය සහ මන්දපෝෂණය තවදුරටත් නරක අතට හැරෙමින් පවතින බව එම වාර්තාව පෙන්වා දී ඇත. වත්මන් ප්‍රවණතා නිසි පරිදි පාලනය නොකළහොත්, 2030 වසර වන විට මිලියන 582 ක පමණ ජනතාවක් දිගුකාලීන මන්දපෝෂණයට ලක් වනු ඇති අතර, ඔවුන්ගෙන් අඩක් අප්‍රිකානු කලාපයේ සිටීම ද විශේෂත්වයකි. කුසගින්න මුළුමනින් අවසන් කිරීමේ තිරසර සංවර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ දී මේ වන විටත් බරපතල අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව මෙම වාර්තාව පෙන්වා දී තිබෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම