සරත් ෆොන්සේකා සහ විජයදාස රාජපක්ෂ ජනපති සටනට
2024-07-25 20:16:18
Share with:

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව නිල වශයෙන් දැනුම් දී ඇත.

වසර 76ක කාලයක් රට පාලනය කළ අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායම් විසින් රට බංකොළොත්භාවයට පත්කර ඇති බව ද හෙතෙම කියා සි‍ටී.

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට නම් දූෂණය නතර කළ යුතු බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම