ගංවතුර පාලනය හා විපත් සහන කාර්යයන් සමබන්ධ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ රැස්වීම චීන ජනපති ප්‍රධානත්වයෙන්
2024-07-25 19:32:06
Share with:

ගංවතුර පාලනය හා විපත් සහන කාර්යයන් සමබන්ධ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ රැස්වීමක් පැවැත්වෙයි. අද(25) පැවති එම රැස්වීමේ මුළසුන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා දැරීය.

ජනතාවගේ ජීවිත ආරක්ෂාවට මුල් තැන දිය යුතු අතර නිරීක්ෂණ ක්‍රම තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව එම රැස්වීම පෙන්වා දෙයි. පූර්ව අනතුරු ඇඟවීමේ නිරවද්‍යතාවය ශක්තිමත් කළ යුතු අතර, පූර්ව අනතුරු ඇඟවීම සහ හදිසි ප්‍රතිචාර ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කළ යුතුය. එසේම අනතුරු අවම කර ගැනීම සඳහා අනතුරුදායක ප්‍රදේශවල ජනතාව හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත් කළ යුතු බවට ද එහිදී අවධාරණය කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ හා සැලසුම් මනාව ක්‍රියාත්මක කරන ලෙස එම රැස්වීම විවිධ මට්ටමේ කමිටු සහ විවිධ මට්ටමේ රජයන්ගෙන් ඉල්ලා සිටී. අදාළ විවිධ පාර්ශ්වයන් ඊට සමීප සහයෝගය දැක්විය යුතුය.

ජනතාවගේ ජීවිත ආරක්ෂාව මුළු ශක්තියෙන් සහතික කිරීම සඳහා බිම් මටට්මේ පක්ෂ සංවිධාන සහ පක්ෂයේ සාමාජිකයන් උපරිම දායකත්වයක්  දැක්විය යුතු බව ද එම රැස්වීම අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම