එක්සත් ජාතීන්‍ගේ සාමාරක්ෂක මෙහෙයුමට චීන හමුදාවේ දායකත්වය ජගත් සංවිධානයේ පැසසුමට
2024-07-25 16:31:45
Share with:

සාමාරක්ෂක මෙහෙයුමට චීනය ස්ථීර අනුබල දෙන බව එක්සත් ජාතීන්ගේ නිලධාරීහු පවසති.

චීන හමුදාව තිරසරව එක්සත් ජාතීනගේ සාමාරක්ෂක මෙහෙයුමට ස්ථීර අනුබල දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාරක්ෂක මෙහෙයුම් කටයුතු පිළිබඳ උප මහලේකම් Jean-Pierre Lacroix මහතා පසුගිය 23 වනදා පැවසීය. සාමාරක්ෂක මෙහෙයුම ක්‍රමයෙන් වැඩි වෙන අභියෝගයන්ට හමුවූ අවස්ථාවේදී චීන සාමාරක්ෂක හමුදා භටයන් හා නිලධාරීන් වඩාත් ඉහළ මට්ටමේ වෘත්තීය හැකියාවන් හා කැපවීම පවත්වා ගෙන යන බව හෙතෙම කීය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වැඩබලන හමුදා උපදේශක Cheryl Pearce මහත්මිය පැවසුවේ 1990 වසරේ සිට චීන හමුදාව එක්සත් ජාතීන්ගේ සාමාරක්ෂක මෙහෙයුම් විශාල ප්‍රමාණයට සහභාගි වී සාමාරක්ෂක මෙහෙයුම් කලාප හයේ සාමාරක්ෂක නිලධාරීන් හා භටයන් 2000ක් පමණ යෙදවූ ‍ බවයි. ඉදිරියේ දී චීනය සමග සාමාරක්ෂක ක්ෂේත්‍රයේ තිරසර මෙන්ම ගැඹුරු සහයෝගිතා පැවැත්වීමට හැකිවෙතැයි ඇය අපේක්ෂා පළ කළාය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම