ඉතාලි අගමැතිනියගේ චීන සංචාරය 27වැනිදා ඇරඹේ
2024-07-25 19:14:56
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයෙන් ඉතාලි අගමැතිනි Giorgia Meloni මහත්මිය ජූලි මස 27වැනිදා සිට 31වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

වාර්තාවලට අනුව,එම සංචාරය අතරතුර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇය හමුවනු ඇති අතර, චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leji යන මහත්වරුන් ද පිළිවෙලින් ඇය සමඟ සාකච්ඡා පවත්වනු ඇත. ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගනු ඇත.

චීනය සහ ඉතාලිය අතර පුර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව පිහිටුවීමේ 20 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් වන බව Mao Ning මහත්මිය පැවසුවාය. මෙම සංචාරය අවස්ථාවක් කර ගනිමින් ප්‍රායෝගික සහයෝගීතාව සහ මානව හා සංස්කෘතික හුවමාරු ගැඹුරු කිරීමටත්, චීන-ඉතාලි සහ චීන-යුරෝපා සංගම් සබඳතාවල ස්ථාවරත්වය සහ දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් ඉතාලිය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම