බ්‍රසීලයට ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට එක්වීමට හැකි වෙතැයි චීනය අපේක්ෂා පළ කරයි
2024-07-25 19:35:54
Share with:

බ්‍රසීලයට හැකි ඉක්මනින්  ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩ නැංවීමට එක්වීමට  හැකි වෙතැයි චීනය අපේක්ෂා කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය.

බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා පසුගිය දා චීනයේ Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය අමතමින් පැවසුවේ තම රට චීනය සමග නවාකාරයෙන් යුතු උපායමාර්ගික හවුල්කාරීත්වය ගොඩ නැංවීමට සූදානම් බවයි. දෙරට සබඳතාව වඩාත් ඉහළ මට්ටමකට රැගෙන යාම තහවුරු කිරීම බ්‍රසීලයේ අපේක්ෂාව බව ද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව පවසන්නේ චීනය හා බ්‍රසීලය විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරී රටවල් දෙකක් බවයි. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරය නිමිති කර ගෙන ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ බ්‍රසීලයේ ‘ප්‍රතිකාර්මිකකරණය’ සඳහා වන උපයාමාර්ගය හා සම්බන්ධ කර ගනිමින් දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සාධනීය සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානම් බව ද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම