ලාඕස අගමැති හා චීන විදේශ ඇමති අතර හමුවක්
2024-07-25 18:42:02
Share with:

ලාඕස අගමැති Sonexay Siphandone මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා හමු වෙයි. එම හමුව අද(25) ලාඕසයේ වියන්තියන් අගනුවර පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 3වැනි පූර්ණ සැසිවාරය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් Sonexay Siphandone මහතා එම හමුවේදී සිය සුබ පැතුම් පිරිනැමීය. එම සැසිය ලාඕසයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්‍රවර්ධනය කොට සමාජවාදී ව්‍යායාමය සංවර්ධනය කිරීම සඳහා විශාල දිරිගැන්වීමක් බව හෙතෙම එහිදී කියා සිටියේය. චීනයේ ජයග්‍රාහී අත්දැකීම් ග්‍රහණය කොට ස්වාධීන සංවර්ධන හැකියාවන් වැඩි දියුණු කිරීමට ලාඕසය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම වසර ලාඕස-චීන විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ස්ථාපිත කිරීමේ 15වැනි සංවත්සරයයි. දෙරටේ පක්ෂවල මෙන් දෙරටේ රාජ්‍ය නායකයන්ගේ උපායමාර්ගික මඟපෙන්වීම යටතේ දෙරටේ සබඳතාව උසස් ප්‍රමිතීන්, ඉහළ මට්ටම් සහ උසස් තත්ත්වයන් කරා අඛණ්ඩව ගමන් කරන බව ලාඕස අගමැතිවරයා කියාසිටියේය.

දෙපාර්ශ්වයම සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන ගොස් පොදු ඉරමණක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ගැඹුරු කළ යුතු බව Wang Yi මහතා එහිදී පැවසීය.

හෙතෙම එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 3වැනි පූර්ණ සැසියේ සන්ධිස්ථානගත අර්ථයන් සහ නිකුත් කෙරුණු වැදගත් පියවර පැහැදිලි කළේය. ලෝක සමාජවාදී ව්‍යායාමය තුළ 21 වන සියවසේදී නව ප්‍රාණවත් ශක්තියක් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ලාඕසය සමඟ එක්ව රටේ පාලනය පිළිබඳ අත්දැකීම් පුළුල් ලෙස හුවමාරු කොට නවීකරණ ක්‍රියාදාම ප්‍රවර්ධනය කිරීමට චීනය සූදානමින් සිටින බව ද Wang Yi මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම